පෘථිවියේ දක්ෂිණ ධ්‍රැවය ආශ්‍රිතව මෙතෙක් සිතියම්ගත නොවූ ප්‍රදේශය සිතියම්ගත කිරීම යුරෝපා විද්‍යාඥ කණ්ඩායමක් විසින් ආරම්භ කර තිබේ.
දශක කිහිපයක් ඇමෙරිකානු පර්යේෂණ කණ්ඩායමක් විසින් පෘථිවියේ පහළ අර්ධ ගෝලයේ රැඳෙමින් ඝන අයිස් පර්වත යට සැඟවී ඇති අභිරහස සොයා ගැනීමේ යෙදී සිටියත් එය පසුව අත්හැරිණි.
කෙසේ වෙතත්, මේ වනවිට යුරෝපීය විද්‍යාඥයන් පිරිසක් යළි දක්ෂිණ ධ්‍රැවය වෙත ගොස් මහා අයිස් පර්වත අභ්‍යන්තරයේ සැඟව ඇති අභිරහස් සෙවීම ආරම්භ කරමින්, ඒවා සිතියම් ගත කිරීමට කටයුතු යොදමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
එම විද්‍යාඥයන් කණ්ඩායම පෙන්වා දෙන්නේ ඇන්ටාක්ටිකාවෙන් ඔබ්බෙහි වූ මෙතෙක් සිතියම්ගත නොවූ බොහෝ වැදගත් තොරතුරු මෙම පර්යේෂණයෙන් සොයාගැනීමට හැකිවනු ඇති බවයි.
පෝලාගැප් යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය විසින් වැඩි ආයෝජනයක් සිදුකරමින් පවත්වාගෙන යන ව්‍යාපෘතියක් ලෙස සැලකෙන අතර, චන්ද්‍රිකා මගින් සිතියම්ගත කළ නොහැකි දත්ත රැසක් මෙහිදී සොයාගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුව වී තිබේ.