දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ලේ සිට මහරගම බලා ධාවනය වන පෞද්ගලික බස්රථ එකොලහක සේවකයෝ අද (15දා)ධාවනයෙන් ඉවත්ව ගාල්ල බස්නැවතුම්පොලේ වර්ජනයක නිරතව සිටියහ.
ගාල්ලේ සිට මහරගම යාමට ධාවන කාලසටහනක් ලබාදී ඇතත් මහරගමින් ආපසු ඒමට කාලසටහනක් නොදීමට විරෝධය පලකරමින් මොවුහු මෙසේ වර්ජනයේ නිරතව සිටියහ.
ගාල්ලේ සිට මහරගම බලා යාමට සිටි මගීහු මේ නිසා අපහසුතාවයට පත්වූහ.