කොළඹ මාතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුවේ සිට දොඩංගොඩ හුවමාරුව දක්වා වු කොටස 13දා පස්වරු 11.00 සිට 14දා පෙරවරු 1.00දක්වා කාලය තුළ දී තාවකාලිකව වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය උපුටාදක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉලෙක්ට්‍රොනික විදුලි නාම සංඥා පුවරු සවිකිරීම සඳහා මෙම මාර්ග කොටස වසා තැබීමට නියමිතය.
ගැලනිගම හුවමාරුව හරහා බණ්ඩාරගම - මොරොන්තුඩුව - වස්කඩුව - කළුතර - කටුකුරුන්ද - නාගොඩ - තුඩුගල - දොඩංගොඩ හුවමාරුව එම කාලසීමාව තුළ දී විකල්ප මාර්ග භාවිත කළ හැකි බවත් ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.