දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත සිට වැටිය දක්වා කිලෝමීටර් 26 කින් යුක්ත කොටස ඉදිකිරීම සඳහා වන මුදලින් 85% ප්‍රමාණයක් චීනයේ අපනයන ආනයන බැංකුවෙන් (EXIM Bank China) ලබාගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 360.29 ක් එක්සිම් බැංකුවෙන් ලබාගැනීමට නියිමිත අතර ඉතිරි 15%ක මුදල දේශීය බැංකුවකින් ලබාගැනීමටත් කැබිනට් මණ්ඩලයෙ අනුමැතිය ලැබී තිබේ. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.