ග්රාමීයව සිටින දක්ෂතා සහිත තරුණ පිරිස් ඉදිරියට ගෙන ඒමට යාන්ත්‍රණයක් නොමැතිවීම පිළිබඳව තමන් කනගාටු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක් අමතමින් හෙතෙම මේ බව පවසා සිටියේය.ඒ අනුව දක්ෂ තරුණ පිරිසට දේශපාලන බලපෑම්වලින් තොරව තම දක්ෂතා ඉදිරියට ගෙන එන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස තරුණ සේවා සභාවටත්, රාජ්‍ය අමාත්‍යවරයාටත් දැනුම් දුන් බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.