පුද්ගලයින් පස් දෙනෙක් ඝාතනය කර පුළුස්සා දමමින් දංකොටුව, බුජ්ජංපොල ප්‍ර‘දේශයේදී සිදු වූ සිද්ධිය කප්පම් ගැනීමක් පිළිබඳව කල්ලි දෙකක් අතර සිදුවූ පළිගැනීමක් බව හෙළිදරව් වී තිබේ.
මෙලෙස ඝාතනය වූ බවට විශ්වාස කරන පුද්ගලයන් අතර පන්නල මාකඳුර කජුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සෙනරත් කපිල බණ්ඩාර හෙවත් %නේවි කපිල^ සහ ඔහුගේ මිතුරන් සිව් දෙනෙක් සිටින බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.
වෑන් රථය පදවා තිබෙන්නේ නේවි කපිල විසින් බවට විශ්වාස කරයි. ඔහු කල්බදු ලීසිං සමාගමක සීසර්වරයෙකු ලෙස කටයුතු කර තිබේ. පිළිස්සුනු මළ සිරුරු අතර තිබූ නේවි කපිල නමැත්තා පැළඳි රන් මාලයක් ඔහුගේ බිරිඳ විසින් හඳුනාගනු ලැබ තිබේ. වෑන් රථය කොල්ලුපිටියේ පදිංචි කාන්තාවකට අයත්වන අතර එය අදාළ කල්බදු සමාගමට කුලී පදනමට ලබාදී ඇති එකක් වන අතර අදාළ සමාගම විසින් නේවි කපිලට මෙම වාහනය ලබා දී ඇතැයි සඳහන් වේ.
මෙම ඝාතන සිදුවීමට අදාළව ප්‍රධාන සැකකරුවකු බව කියන තැනැත්තා මාකඳුර ප්‍රදේශයේම පදිංචි බොයිලේරු මංජු නමැත්තෙක් බවත් නේවි කපිල නමැත්තා ඔහුගෙන් කප්පම් ඉල්ලීමේ සිදුවීමක් මෙයට මුල්වී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග වලින් සඳහන් වේ.
නේවි කපිල ඇතුලු පිරිස පන්නල පොලිස් බල ප්‍ර දේශයේ මාකඳුර සතිපොල භූමියේ ස්ථානයක ඝාතනය කර කොස්හේනවත්ත ප්‍රදේශයේ පාලු මාර්ගයකට ගෙනගොස් පුලුස්සා දමා ඇතැයි හෙළිවී තිබේ. ඝාතන සිදුවීම වූ මාකඳුර සතිපොළේ ස්ථානයක් පොලීසිය විසින් ඊයේ (13දා) අපරාධ ප්‍රදේශයක් ලෙස නම් කර වෙන්කිරීමට ද පියවර ගත්තේය.
මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් බොයිලේරු මංජු නමැත්තා හා සෙසු සැකකරුවන් සිවුදෙනා ඊයේ කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ජානක වත්තේගෙදර මහතා වෙත ඉදිරිපත් කර තිබේ. අදාළ සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ මෙම ඝාතන සිදුවීම පිළිබඳව තොරතුරු සඳහන් පාපොච්ඡාරණයක් සිදුකර ඇති බවද වාර්තාවේ. අදාළ පාපොච්ඡාරණයේ දී නේවි කපිල ඇතුලු පිරිස කප්පම් මුදල් ලබා ගැනීම සඳහා පැමිණි අවස්ථාවේ දී මෙම ඝාතනය සිදුකළ බවට සැකකරුවන් සඳහන් කර ඇතැයි පැවසේ.
බුජ්ජංපොල අතුරු මාර්ගයක පසුගිය 11 වැනිදා වෑන් රථයක් ගිනිගෙන එම රථයේ ගමන් කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 05 දෙනෙකුගේ පිළිස්සී ගිය මළසිරුරු පොලීසිය විසින් සොයා ගනු ලැබිණි. සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරන පොලිස් කණ්ඩායම් දුරකථන අංක පරීක්ෂා කිරීම ඇතුළු අංශ කිහිපයකින් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි. ගිනිගැනීම නිසා විනාශ වී තිබෙන වෑන් රථයද අදාළ කල්බදු සමාගමට අයත් බවට හෙළි වී තිබෙන අතර, අධික ලෙස පිළිස්සී තිබීම නිසා මළසිරුරු නිසි ලෙස හඳුනාගැනීමට නොහැකි වී තිබේ. එහෙත් අතුරුදන් වී ඇතැයි සැලකෙන පුද්ගලයන් අතර සිටින අයෙක් පාදයේ සිදු වූ අස්ථි බිඳීමකට අදාළ ශල්‍යකර්මයකදී භාවිත කර තිබෙන යකඩ තහඩුවකින් තවත් පුද්ගලයෙකුගේ මළසිරුර හඳුනාගෙන තිබෙන බවද වාර්තාවේ. මරණයට පත්වූ සෙසු පුද්ගලයන් හඳුනාගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ අද දිනයේ පැවැත්වීමට නියමිතව ඇති බවද වාර්තාවේ.
ඉන්දික හේවාවිතාරණ / චන්දන ප්‍රනාන්දු /සුපුන් හංසන/රවීන්ද්‍ර ලියනගේ/ටී.පී.අධිකාරී/හේමා රාජපක්ෂ