තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත සඳහා උතුරු පළාත් සභාවේ අනුමැතිය අද(10) හිමිවිය. ඒ අනුව තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත සඳහා මේවනවිට පළාත් සභා සියල්ලේම අනුමැතිය හිමිව තිබේ. අදාළ පනත් කෙටුම්පත මේමස 08 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිතව තිබුණද උතුරු පළාත් සභාවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් එය ඉදිරිපත් නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතික මහතා පාර්ලිමන්තුවේදී පැවසීය.
පළාත් සභා සියල්ලේම අනුමැතිය හිමිව ඇති මෙම පනත් කෙටුම්පත ඒ අනුව මේනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට බාධාවක් නොමැත.