තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමේදී ජනතාව මුහුණදෙන අපහසුතා පිළිබඳ බොහෝදෙනා දැනුම්දී ඇති බවත්, එලෙස අපහසුතාවන්ට පත්වන සිදුවීම් වුවහොත් තවදුරටත් දැනුම්දෙන ලෙස රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් රංග කලන්සූරිය මහතා ජනතාවගෙන් ඉල්ලාසිටියේය.
තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීමේදී බාධාවන පනත් 110ක් සංශෝධනය කිරීමට කටයුතු කරන බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද(05දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කලන්සූරිය මහතා මේබව පැවසීය.
නිදහසේ තොරතුරු දැනගැනීමට අවහිර වන තොරතුරු පනත සමග යම්යම් ගැටීම් තිබෙන ප්‍රශ්න තිබෙන පනත් මොනවද කියලා අපි විමර්ශනය කළා. ඒ අනුව තොරතුරු පනත සමග ගැටීම් තිබෙන පනත් 110ක් හඳුනාගෙන තිබෙනවා. මේ පනත් 110යේම යම් යම් සංශෝධන කරන්න වෙනවා. තොරතුරු පනත මේසියලුම පනත්වලට වඩා ඉහළින් සිටින වඩාත් ප්රමුඛ පනතක්. තොරතුරු පනත ක්‍රියාත්මක කරද්දි මේවගේ ගැටලු එන්න පුළුවන්. තොරතුරු පනත ක්‍රියාත්මත කරලා මාස තුනක් ගතවුණාට පසුව විමර්ශනයක් කරලා එහි ඉදිරි කටයුතු කරගෙන යන විදිහේ සංශෝධන ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා.