ස්වාධීන කොම්ෂන් සභා ස්ථාපිත කිරිම, තොරතුරු දැනගැනීමේ පනත, විගණන පනත ආදිය කඩිනමින් ගෙන ඒමට කටයුතු කරන බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
මාර්තු 12 ව්‍යාපාරය නියේජනය කරන ප්‍රධාන නියෝජිතයින් පිරිසක් අද (13දා) පෙරවරුවේදී කතානායක කරු ජයසූරිය මහතා හමු වූ අතර එහිදී අදහස් දක්වමින් කතානායකවරයා මේ බව පැවැසීය.
තොරතුරු දැනගැනීමේ පනත මෙම මස අවසාන වීමට පෙර පාර්ලිමේන්තුවට ගෙන ඒමට හැකිවෙතැයිද කතානායකවරයා පැවැසීය.
ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ පුළුල් ලෙස සකච්ඡා කිරිමෙන් අනතුරුව නොවැම්බර් මස 4 වන දින පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්විමේදී අවසන් තීරණයකට එළඹෙන බවත් ඔහු සඳහන් කළේය.