තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ තොරතුරු ආණ්ඩුව වහාම ජනතාවට හෙළිදරව් කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
බාලගිරි දෝෂය මෙන් ආණ්ඩු සැමවිටම කල්හරින තොරතුරු දැනගැනීමේ පනත සැබැවින්ම තොරතුරු දැනගැනීමට ගෙන එන පනතක් නොවන බවත්, ඒ තුළ අත්‍යාවශ්‍යයෙන් අන්තර්ගතවිය යුතුම කරුණුපවා ඇතුළත්ව නොමැති බවත් එම පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශකළේය.
ජයගොඩ මහතා අද(09) මරදානේ පැවැති මාධ්‍ය හමුවකදී මේබව කීය.
තොරතුරු දැනගැනීමේ පනත යනුවෙන් මෙය සඳහන් කළද සැබැවින්ම තොරුතුරු හෙළිදරව්වීම වළකන කරුණු මේතුළ අන්තර්ගතවී ඇති බවත්, තොරතුරු ආරක්ෂාකිරීම පිළිබඳ කිසිදු වගන්තියක් මේතුළ නොමැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එමෙන්ම වත්මන් ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගන්නා බවට මුලින්ම පැවසූ දිනය 2015 වසරේ අප්‍රේල් 23 වැනිදා බවත්, මේවනවිට වසරකටත් වඩා වැඩිකාලයක් විවිධ හේතු දක්වමින් ආණ්ඩුව එය කල් හරිමින් සිටින බවත් පුබුදු ජයගොඩ මහතා පැවසීය.
තොරතුරු දැනගැනීමේ පනත බව පවසමින් ජනතාව මුළා කරන මෙම ක්‍රියාවට විරුද්ධව ඉදිරියේදී කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශකළේය.