තොරතුරු දැන ගැනීමේ පනත අද (08දා) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. උතුරු පළාත් සභාව විසින් එය අනුමත නොකිරීම මෙයට හේතුව බවද ඔහු කීය.
මේ මස 10 වැනිදා එම පළාත් සභාව රැස්වී තොරතුරු දැන ගැනීමේ පනතට අනුමැතිය ලබාදෙන බව දන්වා ඇති බැවින් ඉන් අනතුරුව එළඹෙන පාර්ලිමේන්තු සභාවාරයට පනත ඉදිරිපත් කරන බව ඇමතිවරයා සඳහන් කළේය. අද පැවති පාර්ලිමේන්තු සභාවාරයේදී හෙතෙම මේ බව කීය.