තොරතුරු දැන ගැනීමේ පනත ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මේසඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක සහ දිනේශ් ගුණවර්ධන යන මන්ත්‍රීවරුන් සංශෝධන ඉදිරිපත් කළහ.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ සලකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව මූලාසනයේ සිටි මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.
තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත පසුගිය මාර්තු 24 දින පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
පනත් කෙටුම්පත ඊයේ (23) සහ අද( 24) දින දවස පුරා විවාදයට ගත් අතර පක්ෂ විපක්ෂ අදහස් යෝජනා රැසක් ඉදිරිපත් විය.