තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්බන්ධයෙන් පළාත් සභා ජ්‍යේෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළු ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ආරම්භකර තිබේ. එහි ආරම්භක වැඩමුළුව බස්නාහිර පළාත තුළ පවත්වා ඇති අතර එය දිවයින පුරා පවැත්වීමට නිමිතය. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව යටතේ පළාත් රාජ්‍ය නිධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හා ව්‍යවස්ථා අධ්‍යයන ආයතනය එක්ව කටයුතු සංවිධානය කර තිබේ.