කැබිනට් මණ්ඩලය තුළ සම්මත වී තිබෙනා තොරතුරු දැන ගැනීමේ පනත ලෝකයේ රටවල් 120ක ක්රියාත්මක වන පනත් 120 අතරින් ඵලදායීතාවය අතින් 08 වැනි ස්ථානයට පත්ව තිබෙන බව ට්රාන්ස්පේරෙන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා ආයතනය සඳහන් කරයි.
ලෝකයේ සමීක්ෂණ ආයතන දෙකක් විසින් සිදුකළ සමීක්ෂණවලදී මේ බව හෙළිව තිබෙන බවත්, එහෙත් කැබිනට් මණ්ඩලය සම්මත කළ පනත මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය රටේ ක්රියාත්මක නීතියක් බවට පත් කර නොමැති බවද එම ආයතනයේ වැඩසටහන් කළමනාකරණ ශාන් විජේතුංග මහතා සඳහන් කළේය.