පලනි දිගම්බරම් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුතු ජාතික කම්කරු පෙරමුණ හෙට (18දා) බගවන්තලාව නගරයේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණ මගින් හෙට (17දා) පස්වරුවේ වාරණ නියෝගයක් ලබා දුන්නේය.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් නුවරඑළිය දිස්ති‍්‍රක් කමිටු සභාපති අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අනුමැතිය ඇතිව බගවන්තලාව තේරේසියා වතුයායේ මැණික් ගැරීමට බලපත්‍ර ලබාදීමට සැලසුම් කර ඇති මැණික් ඉඩම් වෙන්දේසියට එරෙහිව පලනි දිගම්බරන් මහතා පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයට මෙසේ වාරණ නියෝගය ලබාදුන්නේය.
එම විරෝධතාවට එරෙහිව ලංකා කම්කරු කොංග්‍රසයේ හා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් මෙම මැණික් ඉඩම් වෙන්දේසිය පැවැත්විය යුතු බවත්, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් වතුකම්කරුවන්ට ලබාදීමට සැලසුම් කර ඇති මුදල ප්‍රමාණවත් බව පවසමින් එම පක්ෂ දෙකද උද්ඝෝෂණය කිරීම තුළින් පාර්ශ්ව තුන අතර බගවන්තලාව නගරයේදී විශාල ගැටුමක් ඇතිවිය හැකි බවට පොලීසිය කරුණු පැහැදිලි කිරීම නිසා මෙම උද්ඝෝෂණ නතර කිරීමට වාරණ නියෝග නිකුත් තිබේ.