තොටළඟ ෆර්ගියුසන් වත්තේ අනවසරයෙන් පදිංච්ව සිටි පුද්ගලයන් සියල්ලට නිවාස ලබා දී ඇති බව තොටළඟ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව පවසයි. ෆර්ගියුසන් වත්තේ පදිංච්ව සිටි පුද්ගලයන්ගේ අනුපවුල්වල උදවිය පැමිණ මෙලෙස උද්ඝෝෂණ සිදු කර ඇති අතර ඇතැමෙක් මෙම නිවාසවල කුලී පදනම යටතේ සිට ඇති බවට තොරතුරු අනාවරණය වූ බවද නාගරික පුනර්ජීවන උපදේශක සුනිමල් ජනරංජන පෙරේරා මහතා පැවසීය.
තොටළඟ උද්ඝෝෂණය කළ කිසිම කෙනකුට රජයේ නිවාස ප්රතිපත්තිය යටතේ නිවසක් ලැබිය නොහැකි බව ද නමුත් වත්මන් ආණ්ඩුව සියල්ලන්ටම නිවාස ලබාදීමට සැලසුම් කර ඇති බවද පෙරේරා මහතා අනාවරණය කළේය.