බුලත්සිංහල පිහිටි උක්වැලි කන්ද රබර් ආයතනය නීසි කළමනාකරණයකින් තොරව නියමිත බැහැර කිරීමේ ක්‍රමවේදයන්ට පටහැනිව පරිසරයට විස රසායනික ද්‍රව්‍ය මුදාහැරීමට විරෝධය දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් එම කර්මානත් ශාලාව ආසන්නයේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.
ඒ පිළිබඳව ප්‍ර දේශයේ ජනතාව දිගින් දිගට කරුණු පැහැදිලි කළත් නිසි පාර්ශ්වයන්ගෙන් විසඳුමක් නොලැබුණ බව ජනතාව දෝදනා කරති. ප්‍රදේශයේ මාර්ග ,ළිං විනාශ වී ඇති බවත් ඔවුහු සෞඛ්‍ය හා කායික පීඩා රැසකට මුහුණ දී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය කියයි.
ඒ පිළිබඳව අවසන් විසඳුමකට පැමිණෙන තුරු නියෝජ්‍ය අමාත්‍යවරයා කර්මාන්ත ශාලාව ආසන්නයේ දිගටම රැදී සිටින බවද මාධ්‍ය ඒකකය සඳහන් කරයි.