කර්මාන්ත ශාලා හිමියාගෙන් පොලිය 6%යි, 2%ක් රජයෙන්
තේ කර්මාන්ත ශාලා නවීකරණය කර නිෂ්පාදන ධාරිතාව ඉහළ දමා ගැනීම සඳහා තේ කර්මාන්ත ශාලාවක එක් මාසයක කාරක ප්රාග්ධනයට සමාන මුදලක් ණය වශයෙන් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවතින ආර්ථික කටයුතු පිළිබඳ අනුකාරක සභාව තීරණය කර තිබේ.
මේ යටතේ දැනට ලියාපදිංචි වී තිබෙනා තේ කර්මාන්ත ශාලා 700කට අධික ප්‍රමාණයක් නවීකරණය කිරීමට අවශ්‍ය ණය මුදල් ලබාගත හැකි අතර, ඒ සඳහා කර්මාන්ත ශාලා හිමියන් පොලී වශයෙන් ගෙවිය යුත්තේ 6% ක පොලී මුදලක් බවද එම අනුකාරක සභාව තීරණය කර ඇත.
8෴ ක්ව පවතින පොලී මුදලින් ඉතිරි 2% ක මුදල රජය විසින් දැරීමට තීරණය කර තිබෙන අතර, මෙම ණය මුදල් රාජ්‍ය බැංකු හරහා ලබාදීමටද තීරණය කර තිබේ.
මෙම ණය මුදල් ලබාගැනීමට අපේක්ෂා කරන සියලුම කර්මාන්ත ශාලා හිමියන් සිය අයදුම්පත් ශ්‍රී ලංකා තේ මණ්ඩලය වෙත යොමු කළ යුතු වේ.