පසුගියදා ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා තේ වතු හිමියන් දලු ලබාදුන් තේ කර්මාන්ත ශාලා 26ක් විනාශ වී තිබෙන බව සමස්ත ලංකා කුඩා තේ වතු හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා කුඩා තේ වතු හිමියන්ගේ දලු අලෙවි කිරීමේ ප්‍රශ්නයක්ද ඇතිවෙමින් තිබෙන බවද එම සංගමයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා සඳහන් කළේය.
මෙම කර්මාන්ත ශාලා ගොඩගැනීම සඳහා සෙස් අරමුදල යොදාගත යුතු බවද හෙතෙම පවසා සිටියේය.