ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ තෙවසරක ප්‍රගතිය සහ අමාත්‍යාංශයේ අනාගත වැඩපිළිවෙළ පිළිබඳ සකස් කළ ‘තෙවසරක අභිමන්’ නම් ප්‍රගති වාර්තා කෘතිය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙත අද (03දා) පිළිගන්වනු ලැබීය.
මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර යන මහත්වරු සහභාගි වූහ.