ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු දණගස්වා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කළුතර දිස්ත්රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මහතා පෙබරවාරි මස 06 වැනිදින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මතුගම මහේස්ත්රාත් ලක්ෂිකා චාමලී විජේබණ්ඩාර මහත්මිය අද (02දා) නියෝග කළාය.
සැකකාර මන්ත්රීවරයා අද (02දා) හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු අධිකරණයේ පෙනී නොසිටීම නිසා ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සුනිල් එස්. තන්ත්රිආරච්චි