දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන ලබාදීමේදී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා හා ජනාතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සුවිශේෂී සේවයක් ඉටුකළ බව පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අද පුවත්පත වෙනුවෙන් සෑම අඟහරුවාදා දිනකම ඔහු ලියන කුරහන් සුවඳ තීරු ලිපිය හරහා මේ බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
එසේම විපතට පත් ජනතාව වෙනුවෙන් තමා කළ සේවය සමාජ මාධ්‍ය හරහා විවේචනය කිරීමට ඇතැම් පිරිස් කටයුතු කළත් විවේචනය කරන පිරිස අවම වශයෙන් විපතට පත් ප්‍රදේශවල සංචාරය හෝ නොකළ බවද ඔහු සඳහන් කරයි.
“ආපදා ඇතිවූ ප්‍රදේශ සඳහා පයනොතැබූ, එම ජනතාව වෙනුවෙන් එක් ජල බෝතලයක් හෝ ලබානොදුන් ඇතැම් ෆේස්බුක් වීරයන් විවිධ ඡායාරූප යොදාගනිමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළේය. එම මඩ පිළිබඳව එතරම් තැකීමක් නොකර ජනතාව වෙනුවෙන් අපි හැකි අයුරින් සේවය කිරීමට කටයුතු කළෙමු. බිම් මට්ටමේ සිටිමින් එම කටයුතු සඳහා දායකත්වය ලබාදුන්නේය.
එවැනි තත්ත්වයක්දී එය රඟපෑමක් ලෙස අර්ථ දක්වන අයද සිටියේය. නමුත් ඒ පිළිබඳව කිසිදු ආකාරයක තැකීමක් නොකර ජනතාව වෙනුවෙන් අවශ්‍ය සේවය ලබාදීමට අප කටයුතු කළේය. විවේචන ඉදිරිපත් කරන පිරිසගෙන් ඉල්ලා සිටින්නේ යම්කිසි පුද්ගලයෙක් කරන සේවය හෝ ලබාදෙන භාණ්ඩ ප්‍රමාණය පිළිබඳව විවේචන කිරීමට කාලය වෙන්නොකර ඒ සඳහා ගතවන කාලයද ආපදාවට පත් ජනතාව වෙනුවෙන් යෙදවීමට කටයුතු කරන ලෙසය.
මෙහිදී අතළොස්සක් වූ දේශපාලකයන් හැරෙන්නට කිසිදු දේශපාලකයෙකු සක්‍රීයව ජනතාව වෙනුවෙන් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබිණි. කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාත්, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාතත් මෙහිදී ජනතාව වෙනුවෙන් කළ සේවය අගය කළ යුතු වෙයි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට වඩා විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙහිදී ජනතාවට සහන සැලසීමට ඉදිරිපත් විය.”