තෙල්දෙණිය හා දිගන ඇතිවූ සිදුවීම්වලට සම්බන්ධව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ජාතීන් අතර ප්රචණ්ඩත්වය හා වෛරය ඇතිවන ආකාරයට ක්රියා කිරීම සම්බන්ධයෙන් ත්රස්තවාදී විමර්ශන අංශය විසින් පවත්වන පරීක්ෂණවලට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර කුණ්ඩසාලේ ප්රාදේශීය සභාවට තේරී පත්ව ඇති මන්ත්රීවරයෙක් වන සමන්ත පෙරේරා (අරලිය සමන්ත) නම් සැකකරවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද (29දා) තෙල්දෙණිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.