ජාත්‍යන්තර වෙළඳපොළ තුළ බොරතෙල් මිල විශාල ලෙස පහත ගොස් ඇතිබැවින් එම ලාබය ජනතාවට වහාම ලබාදිය යුතුබව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අද(12) පාර්ලිමේන්තුවේදී පැවසීය. අයවැය තෙවැනිවර කියවීමේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් දිසානායක මහතා මේබව කීය.
වැඩිදුරටත් අදහස් දැක්වමින් හෙතෙම මෙසේ පැවසීය. බොරතෙල් මිල ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයෙන් අඩුවෙලා තියෙනවා. ඩොලර් 102 ක පැවති බොරතෙල් බැරලය ඩොලර් 46 පමණ අඩුවෙලා. ඒත් ජනතාවට මේ සහනය දීලා නැහැ. තෙල්මිල වැඩීවීම පිළිබඳ අසීමිත බරක් ජනතාවට පටවලා තියෙනවා. තෙල් සංස්ථාව කලු කඩයක් වෙන්න එපා. වහාම මේවාසීය ජනතාවට ලබාදෙන්න. යනුවෙන් ප්‍රකාශකළේය.