ත්රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි ඉන්දියාවට නොවිකුණන බවට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කිරීමත් සමග තම වෘත්තිය ක්රියාමාර්ගය අවසන් කළ බව ඛණිජ තෙල් වෘත්තිය සමිති ඒකාබද්ධ සංවිධානය ප්රකාශ කළේය. හෙට උදෑසන සිට නැවතත් ඉන්ධන බෙදාහැරිම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.තෙල් ටැංකි නොවිකුණන බවට වන අග්රාමාත්යවරයා දුන් පොරොන්දුව අග්රාමාත්ය ලේකම් සමන් ඒකනායක ලිඛිතව ඛණිජ තෙල් වෘත්තීය සමිති ඒකාබදධ සංවිධානයට ලබා දී ඇත.