ඛනිජ තෙල් මිල ගණන් ඉහළ යවන බවට විවිධ දූෂමාන ආරංචිද, මාධ්‍ය ප්රකාශයන්ද, එසේ කිරීමට ඉඩ නොදෙන බවට විවිධ බලධාරීන්ගේ ප්‍රකාශද වාර්තාවී තිබෙන බවත්, ඛණිජ තෙල් මිල තීරණය කිරීමේ මූලික ආයතන භාරව සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඛණිජ තෙල් මිල වැඩිකිරීමේ කිසිඳු සාකච්ඡාවක්, තින්දුවක් ගෙන නොමැති බවත් එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විධිමත් මිල සූත්‍රයක් ඛණිජ තෙල් ක්ෂේත්රයට හඳුන්වාදීම මූලික අවශ්‍යතාවක් බවත් එය පාරිභෝගිකයාට විනිවිද පෙනෙන ලෙස සිදුකිරීමට ක්‍රියාකරන බවත් වඑම නිවේදනයේ සඳහන් වෙයි. මෙවැනි තත්ත්වයක් තිබියදී ඛණිජ තෙල් පිළිබඳ ව්‍යාජ ආරංචි පතුරුවා ජනතාව නොමග යැවීමට දරන උත්සාහය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පිළිකුලෙන් හෙලා දකින බවත් එහි වැඩිදුරටත් දැක්වෙයි.