ඛණිජ තෙල් මිල අඩු කළ හැකිද යන්න පිළිබඳව මහාභාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28දා)පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ සම්බන්ධව පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ බවද අගමැතිවරයා සඳහන් කළේය. ඉදිරියේදී මේ පිළිබඳ සම්පූර්ණ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, අවශ්‍ය නම් විපක්ෂයට දින 2 ක විවාදයක් ලබාදිය හැකි බවත් වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.