නිල්වලා ගඟට ඉන්ධන කාන්දු වීම හේතුවෙන් මාතර නගරය ඇතුළු ප්රදේශ රැසකට තාවකාලිකව ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි. පවතින තත්ත්වය සලකා අකුරැස්ස, මාලිම්බඩ සහ කත්දූව යන ජල මූලාශ්රවලින් පිරිපහදු කිරීම් සඳහා ජලය ලබාගැනීම තාවකාලිකව නවතා දමා ඇති බවද මණ්ඩලය පැවසීය.
අකුරැස්ස නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් නිල්වලා ගඟට ඩීසල් කාන්දු වීමේ සිද්ධියක් හේතුවෙන් මෙම තත්වය මතුවි තිබේ