යාපනය තෙලිප්පලායි ප්‍රදේශයේදී පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් 33 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ගැටුමක් පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තෙලිප්පලායි මල්ලක්කම් ප්‍රදේශයේදී පුද්ගලයන් කණ්ඩායමක් විසින් කඩු ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදී මෙම වෙඩි තැබීම සිදුකළ බවත් එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීව්තක්ෂයට පත් වූ බවත් එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.