මෙම මස 30දා සිට ජුලි 02දා දක්වා ති‍්‍රවිධ හමුදාව හා පොලිසියේ ද සහභාගීත්වයෙන් යළිත් තෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම ඩෙංගු වසංගත තත්ත්වයෙන් ආරක්ෂාවීම සඳහා ත්රීවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් හෙට (27) සිට අඛණ්ඩව ගෙයින්ගෙට ගොස් පරිශ්‍ර පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ඇතුළත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නියෝග කර තිබේ.