කුරුණෑගල සිට බත්තරමුල්ල බලා ධාවනය කළ බස්රථයක් හා කොළඹ සිට වව්නියාව බලා ධාවනය කළ බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් එම බස්රථ වල ගමන්ගත් මගීන් 20ක් තුවාල ලබා තිබේ.
කුරුණෑගල - කොළඹ මාර්ගයේ තුල්හිරියේදී මෙම අනතුර සිදුව තිබේ. තුවාල කරුවන් වරකාපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අසාධ්‍ය තත්වයෙන් සිටි දෙදෙනෙකු කෑගල්ල මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.
අනෙකුත් තුවාල කරුවන් වරකාපොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. අද (25දා) අලුයම 6.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ.