මධ්‍යම තුර්කියේ කයිසෙරි නගරයේ බස් රථයක් තුළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 55 අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
සේවා මුක්ත භට පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයක් තුළ මෙම පිපිරීම සිදුව ඇති අතර, නගරයේ විශ්වවිද්‍යාලය ආසන්නයේදී මෙම පිපිරීම සිදුව තිබේ.
මේ අතර, කාර් බෝම්බයක් මෙම පිපිරීමට හේතුව බවද එරට මාධ්‍ය වාර්තා පවසයි.
තුර්කියේ, ඉස්තාම්බුල් නගරයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සතියක් ගෙවීයන තැන මෙම පිපිරීම වාර්තා වෙයි.
පිපිරීමෙන් පසුව බස් රථය සම්පූර්ණයෙන්ම පාහේ දැවීගොස් ඇති බවටද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
2016 වසර තුළ තුර්කිය වෙත කුර්දි සටන්කරුවන් මෙන්ම ජිහාඩ් අන්තවාදීන් විසින්ද එල්ල කරන ලද ප්‍රහාරවලින් එරට සාමාන්‍ය ජනතාව ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් රැසක් ජීවිතක්ෂයට පත්වූහ.