තුර්කි රජයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණය පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ එම විශේෂ නිවේදනයේ මෙසේ සඳහන් වේ.
හමුදා කුමන්ත්‍රණයක් ඔස්සේ තුර්කියේ ප්රජාතන්ත්රවාදී පාලනය යටපත් කරලීමේ උත්සාහය ව්‍යවර්ථ කරලීමට හැකිවීම ප්රජාතන්ත්රවාදය අගයන ලෝක ජනතාවගේ සතුටට කරුණකි.
තුර්කියේ ප්රජාතන්ත්රවාදී පාලනය ආරක්ෂා කරලීමට තුර්කි ජනාධිපති සහ අගමැති ප්රමුඛ රජයට හැකිවීම පිළිබඳව මාගේ සතුට ඔවුන් වෙත පිරිනමන අතර, මේ තීරණාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකාවේත්, ශ්‍රී ලංකා ජනතාවගේත් සහය ඔවුන් වෙත ලැබෙන බව අවධාරණය කරනු කැමැත්තෙමි.