තුර්කි අගනුවර දේශපාලන රැළියකයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් මියගිය පිරිස 95 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට කුර්දි හිතවාදීන් හා කම්කරු ක්රියාකාරීන් එක්ව සංවිධානය කළ මෙම රැලිය අන්කාරා නගරයේ පැවති අතර, මෙය තුර්කි ඉතිහාසයේ වඩාත් දරුණු ඛේදවාචකයක් ලෙස ඉතිහාසයට එක්වෙයි.
මෙම සිදුවීමෙන් පසුව ප්රහාරයට ගොදුරුව ජීවිතක්ෂයට පත්වූවන්ගේ අත්පා කැබලි මාර්ගය පුරා විසිරී තිබුණු බවත් විදෙස් වාර්තා පවසයි.
එරට මැතිවරණයට සතියක් තිබියදී සිදුවූ මෙම මැතිවරණය තම දේශපාලන සමගිය පළුදු කිරීමේ නින්දිත ක්රියාවක් බව එරට ජනපති ටයීප් එර්ඩෝගන් අවධාරණය කරයි.
මෙම ප්රහාරයෙන් තවත් 246 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 48 දෙනෙකු හදිසි ප්රතිකාර ලබන බව තුර්කි අගමැති කාර්යාලය පවසයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ බෝම්බ දෙකම තත්ත්පර කිහිපයක පරතරයකින් පුපුරා ගිය බවයි.