තුර්කි ජනාධිපති රිසෙප් ටේයිස් එර්දෝගන් මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වීමට තීරණය කර ඇත.
තුර්කිය හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා වර්ධනය කරගැනීමේ අපේක්ෂාවෙන් නුදුරු දිනයකදීම තමා ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන බව ඔහු පවසා ඇත.
ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් යොමුකරමින් ඔහු මේ බව පවසා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.