තුරඟ තරග ඔට්ටු අල්ලන ස්ථානවල නීතිවිරෝධී ආකාරයට පවත්වාගෙන යන පරිගණක ක්‍රීඩාවක් පිළිබඳව පොලීසියට පැමිණිලි කළත්, මෙතෙක් ඊට නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති නිසා ඒ පිළිබඳව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කළ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
මෙරට තුළදී නීතිගත ඔට්ටු ඇල්ලීම සිදුකළ හැකිවන්නේ ඔස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ සජීවීව පැවැත්වෙන තුරඟ තුරග සඳහා පමණක් බවත්, රේස් බයි රේස් ස්ථානවල ක්‍රියාත්මක කළ හැකිවන්නේද මෙය පමණක් බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
එහෙත් මෙම නීතිය උල්ලංඝනය කරමින් සහ බදු පැහැර හරිමින් රේස් බයි රේස් ස්ථාන 215ක සතුන් යොදාගෙන පරිගණක ආශ්රයෙන් ක්‍රියාත්මක වන සූදුවක් සිදුකරමින් සිටින බවද පවසා සිටියේය.
මෙම සූදුව හරහා අදාළ සමාගමේ මධ්‍යස්ථාන 215කට අධික ප්‍රමාණයක් දිනකට රුපියල් ලක්ෂ 180කට ආසන්න මුදලක් උපයා ගන්නා බවට වාර්තා වන අතර, බදු වශයෙන් ලැබෙන්නේ මධ්‍යස්ථාන 100කට ආසන්න ප්‍රමාණයකින් පමණක් බවට වාර්තා වන බවත් රංජිත් විතානගේ මහතා කියා සිටියේය.