තමන් තුන්වැනිපාරත් ජනපතිවරණයට තරග කරන බවත්, තුන්වැනිපාරත් දිනන බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
පොල්ගහවෙල ප්රදේශයේ පැවැති උත්සවයකදී මෙම අදහස් ප්රකාශකළ ජනපතිවරයා පැවැසුවේ විපක්ෂය පොදු අපේක්ෂකයෙක් සොයන බවත් තමන්ට වඩා පොදු අපෙක්ෂකයෙක් ඉන්නාවාද යනුවෙනි.
“තුන්වැනි පාරත් අපි ඉල්ලනවා. තුන්වැනි පාරටත් අපි දිනනවයි කියන එක බොහොම පැහැදිලිව කියන්න ඕන.මේ පොදු අපේක්ෂකයෙක් හොයනවා. මට තේරෙන්නේ නෑ මේක. ඉතින් මම කිවුවා කොහෙන් හරි හොයාගෙන එන්න කියලා. මට වඩා පොදු කෙනෙක් ඉන්නවද? මහ ගොඩක් පක්ෂ අපිත් එක්ක එකතුවෙලා ආණ්ඩුවක් පිහිටුවලා තියෙන්නේ. මේ පොදු අපේක්ෂකයාත් එක්ක ඉන්න. මේ තමයි පොදු අපේක්ෂකයා. වෙන පොදු අපේක්ෂකයෙක් නෑ. අනිත් අය තනි අපේක්ෂකයෝ කවුරු ආවත්.”