වැටලීම් 308 කදී කෝටිතුනක මත්කුඩු අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය 2011 වසරේ සිට ඊයේ (12දා) දක්වා සිදුකළ වැටලීම් 308 ක ප්‍රමාණයකදී රුපියල් හැත්තෑ තුන්කෝටි විසිපන් ලක්ෂ හැට තුන්දහස් එකසිය පනහක හෙරොයින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 91 ග්‍රෑම් 685 ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, එහිදී සැකකරුවන් 258 ක්ද අත්අඩංගුවට පත්වී ඇත.
2011 වසරේ සිට ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් 163 ක් සිදුකර තිබෙන්නේ 2012 වසරේදී වන අතර, එමගින් හෙරොයින් කිලෝග්‍රෑම් 03 ග්‍රෑම් 163 ක් සොයාගෙන තිබේ.
එහි වටිනාකම රුපියල් දෙකෝටි පනස් දෙලක්ෂ හැත්තෑ දෙදහස් තුන්සිය හැත්තෑවකි.
මීට අමතරව 2014 වසරේ 12 වැනි දිය බියගමදී සිදුකළ මෙහෙයුමකින් රුපියල් හැටඅට කෝටි තිස් එක්ලක්ෂ හතළිස් පන්දහසක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 85 කුත් ග්‍රෑම් 500 ක් අත්අඩංගුවට ගෙන තිබේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

