කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි සියල්ලම විකුණා දැමීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බව වරාය රැක ගැනීමේ වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
මීට අදාළ ගිවිසුම් සියල්ලම මේ වන විට සකස් කර තිබෙන බවත් කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසු මැයි 12 වන දින ගිවිසුම අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඔවුන් අද (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මෙය පරාජය කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත්, සිදුකරන ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා හෙට (24දා) වරාය වෘත්තීය සමිති සියල්ලම රැස් වෙන බවත් ඔවුහු වැඩිදුරටත් පවසා සිටියහ.