මහා සංඝරත්නය හා තිසා වැව සුරැකීමේ කමිටුව කළ ඉල්ලීමකට තිසාවැවේ දිය නෑම වළකාලීම සඳහා තිසාවැව අසල පොලිස් මුර පොළක් ස්ථාපිත කරන ලෙස අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල වීරසිංහ මහතාට අමාත්‍යය දුමින්ද දිසානායක මහතා උපදෙස් ලබා දී ඇත.
තිසා වැව් ජලය අනුරාධපුර නගරයේ පානීය ජල අවශ්‍යතාව සැපිරීමට යොදාගන්නා බැවින් වන්දනාවේ පැමිණෙන ජනතාව මෙන්ම වැව අවට පිරිස් නෑමට තිසාවැව භාවිත කිරීම හේතුවෙන් වැව් ජලය අපවිත්‍ර වන බව තිසාවැව සුරැකීමේ සංවිධානය අමාත්‍යවරයාට පෙන්වාදී ඇත.
එම කරුණු සලකා බැලිමෙන් පසුව අමාත්‍යවරයා ඉහත තීරණය ගෙන ඇති අතර ඒ පිළිබඳ අනුරාධපු කොට්ඨාස පොලිස් අධිකාරිවරයාට උපදෙස් ලබාදී තිබේ.