තිස්සමහාරාමයේ පානීය නළ ජල ව්‍යාපෘතියෙන් මැටි සහිත ජලය එන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
පවුල් 40,000 ක් ඉලක්ක කරගෙන ඉදිකර ඇති මෙම ජල ව්‍යාපෘතිය අසාර්ථක එකක් බැවින් රුපියල් මිලියන 381 ක් වැයකර නළ ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසා සිටියේය.
කොළඹ පිහිටි එම අමාත්‍යාංශයේ අද (29දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, තමන්ගේ වැඩකටයුතු කඩාකප්පල් කිරීමට දේශපාලන කුමන්ත්රණකරුවන් පිරිසක් සූදානම් වන බවයි.