මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමේ චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට සිය දියණියගේ සුවදුක් බැලීමට ඔස්ට්‍රේලියාවට යෑමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (20දා) අවසර ලබාදුන්නේය.
ජුනි මස 23 වැනිදා සිට ජූලි මස 12 වැනිදා දක්වා දින 19ක කාලයක් තිස්ස අත්තනායක මහතාට ඔස්ට්‍රේලියාවට යෑමට අවසර දුන් විනිසුරුවරයා අධිකරණය භාරයේ ඇති ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමටද නියම කළේය.
ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක වැඩිදුර අධ්‍යාපනය ලබන සිය වැඩිමහල් දියණිය හමුවීමට ඔස්ට්‍රේලියාවට යෑමට තිස්ස අත්තනායක මහතාට අවසර දෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අවසර ඉල්ලා සිටි අතර, එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඊට අවසර දුන්නේය.
මෙම නඩුවට අදාළව තිස්ස අත්තනායක මහතාට ඇප නියම කරන අවස්ථාවේදී අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කරමින් නියෝගයක් පනවා තිබූ අතර, දියණියගේ සුවදුක් බැලීමට අවශ්‍ය වීම නිසා ඔහු මෙම ඉල්ලීම කරන ලදී.