වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්රී කණ්ඩායමක් අද (03දා) වැලිකඩ බන්ධනාගාරය වෙත ගියහ. මෙම මන්ත්රී කණ්ඩායමට විපක්ෂයේ ප්රධාන සංවිධායක ජෝන් සෙනෙවිරත්න, බන්ධුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත්රීවරු එක්ව සිටියහ.