සන්ධාන රජයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා රුපියල් මිලියනයක ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11දා) නියෝග කළේය.
එසේම නඩුව මාර්තු 11තෙක් කල්දැමීය. ව්‍යාජ ලේඛන සකස්කිරීම හෝ ජාතිවාදිය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට පැමිණිලි පාර්ශ්වයෙන් සාක්ෂි ඉදිරිපත් නොවූ බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.