ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සිදු වූ වංචා වලට එරෙහිව එහි සභාපති තිලංග සුමතිපාලට මහතාට එරෙහිව රන්ජන් රාමනායක මහතා අද (26දා) අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ංන් රාමනායක මහතා,
“ ක්රිකට් ආයතනයේ වංචා, දූෂණ, අක්රමිකතා ගැන අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂමට ෆයිල් එක බාරදුන්නා. තිලංග සුමතිපාල මහතා මගේ මිත්රයෙක්. ඒක නෙමේ ගැටලුව. අපේ රටේ ක්රිකට් ක්රීඩාව අංක එකේ සිට අංක අටට වැටිලා තියෙනවා.
චෝදනාවක් ආවම දෙන්න රාහු කාලය බලාගෙන ඉන්නේ නෑ. ලංකාවේ සමහර මිනිස්සු හරි පුදුමයි. අහනවා ඇයි මේ වෙලාවේ බාර දෙන්නේ කියලා අහනවා. අක්රමිකතාව කළාට පස්සේ තමයි අපි දෙන්න ඕන.
මේක පෞද්ගලික දෙයක් නෙමෙයි. පක්ෂ ප්රශ්නයක් නෙමෙයි. මම පක්ෂ භේදයකින් තොරව හැම තැනකටම (තොරතුරු) දුන්නා. ”