ක්‍රීඩා අමාත්‍යාංශය වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී ක්‍රිකට් ඒඩ් සමාගම පිළිබඳව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා යොමු කළ ප්‍රශ්නයකට ඒ වන විට කාරක සභාවේ සභාපති ලෙස සිටි තිලංග සුමතිපාල මහතා පැහැදිලි කිරීමක් කරනු ලැබීය.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ඉල්ලීමක් අනුව තිලංග සුමතිපාල මහතා සිය පිළිතුරු ලබාදුන්නේය. ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාලය උපයෝගී කරගෙන නියෝජ්‍ය කතානායකවරයා පිළිතුරු දුන්නේය.
කෙසේ වෙතත් සුමතිපාල මහතාගේ කතාවෙන් අනතුරුව නැගී සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසුවේ පාර්ලිමේන්තුවේ කාරක සභාවේ සභාපතිවරයෙකුට එවැනි ආකාරයකට පාර්ලිමේන්තු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදිය නොහැකි බවත් ඔහු සභාපති පුටුවෙන් ඉවත්ව සභාවට පැමිණ පිළිතුරු ලබාදිය යුතු බවත්ය.
මෙහිදී නැගී සිටි අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද පැවැසුවේ තිලංග සුමතිපාල මහතා කළ ක්‍රියාව පාර්ලිමේන්තුට පටහැනි ක්‍රියාවක් බවත් බලතල අයුතු ලෙස භාවිත කර ඇති බවත්ය.
කෙසේ වෙතත් ඉන් අනතුරුව එය උණුසුම් විවාදයක් බවට පරිවර්තනය වූ අතර අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග මහතා හා දයාසිරි ජයසේකර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය.