තිරිඟු ආනයනයේදී ලබාදී තිබූ බදු සහනය අඩු කිරීමට තීරණය කළේ දේශීය වී ගොවියා ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
වර්තමානයේ රට තුළ සහල් අතිරික්තයක් පවතින් බැවින්, තිරිඟු පිටි පරිභෝජනය අවම කර, ඒ වෙනුවට සහල් පරිභෝජනය සඳහා වැඩි ඉඩකඩක් සැලැස්වීම වඩා සුදුසු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ අදහස බවද පෙන්වාදෙන රවි කරුණානායක මහතා, ජාත්‍යන්තර වෙළෙඳ පොළේ තිරිඟු මිල පහළ ගොස් ඇති බැවින් සහ රටේ පවතින් සහල් අතිරික්තය පදනම් කර ගනිමින් තිරිඟු ආනයනයේදී ලබාදී තිබූ බදු සහනය අඩු කළ බවද පවසා සිටියේය.
මෝදර ධවලසිංහාරාමයේ සහ ග්‍රෑන්ඩ්පාස්හි ශ්‍රී ශාක්‍ය සිංහාරාමයේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රදානයක් සිදුකළ උත්සවයකට සහභාගී වෙමින් අද (22දා) අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේය.