තිරසාර සංවර්ධනය උදෙසා වන ප්‍රාන්ත රාජ්‍යයන්ගේ එකමුතු ජාලයේ වාර්ෂික මහා සමුළුව කොළඹ හිල්ටන් හෝටලයේදී සැප්තැම්බර් 07 වැනි දින පැවැත්වීමට සැලසුම් කර තිබේ.
රටවල් 34 ක් නියෝජනය කරමින් ප්‍රාන්ත රාජ්‍යයන් සහභාගි වීමට නියමිත අතර, ප්‍රාන්ත රාජ්‍යයන්ගේ එකමුතු ජාලය විසින් පවත්වන 13 වැනි වාර්ෂික සමුළුවද මෙය වේ.
12 වැනි වාර්ෂික මහ සමුළුව කොළොම්බියාවේ කර්ටගෙනා නගරයේදී පැවැත්වූ අතර, එයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බස්නාහිර පළාත් නියෝජිතයෝ සහභාගී වූහ.
මෙහිදී තිරසාර සංවර්ධනයට අවශ්‍ය ප්‍රතිපත්ති, නීති, ක්‍රමවේද සම්පාදනය කිරීම, තාක්ෂණික දැනුම මූල්‍යාධාර හා භෞතික සම්පත් සාමාජික ප්‍රාන්ත රාජ්‍යයන් අතර හුවමාරු කර ගැනීම සිදුවේ.