ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන කාර්යයන් සඳහා සම්බන්ධීකරණ කටයුතු කරලීමට ජපානයේ විශේෂ නියෝජිතයෙක් පත් කිරීමට ජපානයේ අවධානය යොමුව තිබේ. ජපාන කැබිනට් ලේකම් යොෂිහදෙ සුගා මහතා හා ජපානයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (12දා) පැවැති සාකච්ඡාවේදී සුගා මහතා මේ බව පැවැසීය.
ඒ අනුව ජපාන අග්‍රාමාත්‍ය උපදේශක ආචාර්ය හිරොතො ඉසුමි මහතා විශේෂ නියෝජිතයා ලෙස පත්කිරීමට නියමිතය.
ඉන්දීය සාගර කලාපයේ නිදහස් නාවුක ගමනාගමනය සහ සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධව මෙහිදී අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකාව සැම විටම සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවත්, කිසිදු ආකාරයක හමුදාමය ක්‍රියාදාමයන්ට ශ්‍රී ලංකාවේ සහයෝගයක් හෝ ඉඩකඩක් නොමැති බවත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙහිදී ජපාන කැබිනට් ලේකම්වරයාට පවසා තිබේ.