වරකාපොල, දංඕවිට ප්රදේශයේ 34 හැවිරිදි මවකට ඊයේ (27දා) සවස කිසියම් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඇගේ නිවස තුළදීම ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
කෙසේ නමුත් මෙම සිදුවීම ඇයගේ වයස තුන හමාරක් වන දියණිය දැක ඇති අතර, ඇයගේ තොරතුරු මත මේ වනවිට කිසියම්පුද්ගලයෙකු සැකපිට මීරිගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ පිළිබඳව මීරිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.
වරකාපොල රංගන රුවන්